පුවත්

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි

Published

on

මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් පවතින හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබේ.

හෙන්රි මහතා මේ වනවිට පෝටො රිකෝ හි සිටින අතර, ඔහුට යළිත් හයිටි වෙත යාමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසයි.

වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු හයිටි ජාතිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ සන්සුන්ව සිටින ලෙසයි.

සංක්‍රාන්ති කවුන්සිලයක් පිහිටුවීමෙන් පසු තමා නායකත්වය දෙන රජය වහාම ඉල්ලා අස්වනු ඇති බව හෙන්රි මහතා වැඩිදුරටත් පවසයි.

හයිටි රාජ්‍යයේ හිටපු ජනාධිපති යොවෙනෙල් මොයිස් (Jovenel Moïse) ඝාතනය වීමෙන් අනතුරුව හෙන්රි මහතා තාවකාලිකව එරට අගමැතිවරයා බවට පත්වූ නමුත්, ප්‍රථමයෙන් රටේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කළ යුතු බව පවසමින් කිහිප වරක්ම මැතිවරණ කල් දමා තිබුණි. ඡන්දයෙන් පත්නොවුනු නායකයෙකු වශයෙන් හෙන්රි මහතා මෙතෙක් කලක් රට පාලනය කිරීම සම්බන්ධයෙන් හයිට් රාජ්‍යයේ වැසියන් ප්‍රශ්ණ නගා තිබේ.

මේ වන විට මසක් පුරාවට එරට පොර්ට් – ඔ – ප්‍රින්ස් (Port-au-Prince) අගනුවර හදිසි තත්ත්වයක් පවතින අතර, පනවා ඇති ඇඳිරිනීතියද දීර්ඝ කර තිබේ.

Trending

Exit mobile version