මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සබඳතා පැවැත්වූයේ යැයි සැකකරණ පොලිස් නිලධාරීන් දහනව දෙනකු සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) ඊයේ (03) සිට විමර්ශනයක් අරඹා ඇත.
මේ අනුව නිලධාරීන් දහ නව දෙනා අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු (SSP) ද සිටින අතර බහුතරය දකුණු පළාතේ සේවය කළ පොලිස් නිලධාරීන් බව පැවසේ.
මෙම පරීක්ෂණය අරඹා ඇත්තේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (02) දුන් නියෝගයක් මත බව “අරුණ” පුවත්පත කියා සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා ගැන විමර්ශනයේදී මෙම නිලධාරීන් ගැන තොරතුරු අනාවරණය වී ඇතත් හිටපු පොලිස්පතිවරයා යටතේ විමර්ශනයක් පවත්වා නැතැයි ද එම පුවත්පතේ වැඩිදුරටත් දැක්වේ.
මේ අනුව ඇරඹී ඇති විමර්ශනවලදී අදාළ පොලිස් නිලධාරීන්ගේ වත්කම් හා දේපොළ සම්බන්ධවත් දුරකථන ජාල පරීක්ෂාවන් ඔස්සේ සබඳතා පැවැත්වූ ආකාරයත් හරක් කටාගේ ජාවාරම්වල නිරතවූවන්ට ආරක්ෂාව සපයා දුන්නද යන්නද පිළිබඳවත් සොයා බැලීමට නියමිත බවද වාර්තා වේ.