පුවත්

හරියට ඡන්දය දාන්නේ මෙහෙමයි !

Published

on

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසියම් අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන්නේ අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් ඇති කොටුවේ ‘1’ ඉලක්කම සටහන් කිරීමෙන් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අදහස් කරන්නේ නම් දෙවන මනාපය සඳහා ‘‘2’’ ඉලක්කම සටහන් කිරීමෙන්ද, තුන්වෙනි මනාපය ‘‘3’’ ඉලක්කම සඳහන් කළ හැකිය.

ඡන්දය සලකුණු කිරීමේදී යම් කිසිවෙකු කතිර (X) සලකුණ යෙදීමට අදහස් කරන්නේ නම් එම ඡන්දය වලංගු වේ. ‘‘1’’ වෙනුවට යොදන ලකුණක් ලෙස කතිරය සැලකේ.

ඡන්දය ප්‍රතික්ෂේප කෙරෙන කාරණා කීපයකි.

ඡන්ද පත්‍රිකාවේ කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විටදී, එක් අපේක්ෂකයකුට වැඩි පිරිසක් සඳහා ඡන්දය සලකුණු කර තිබෙන විටදී (1 ඉලක්කම් දෙකක්), එක් අපේක්ෂකයකුට එක සහ තවත් අපේක්ෂකයකුට කතිරය සඳහන් කර ඇති විටදී, ඡන්දය ප්‍රකාශ නොකර දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විටදී, ඡන්දදායකයා හඳුනාගැනීමට හැකි පරිදි යමක් ලියා ඇත්නම් හෝ යමක් ඇඳ ඇත්නම් ඡන්දය ප්‍රතික්ෂේප කෙරේ.

තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය කතිර සලකුණෙන් ලබාදීමෙන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

කතිරය සමග ‘2’ හෝ ‘3’ සලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කෙරේ.

‘1’, ‘2’, ‘3’ ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාවද අවලංගු වේ.

Trending

Exit mobile version