පුවත්

හරීන් සහ මනූෂ එක්ව පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටු කරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් කර ඇත.

රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙන බවත් එම කොන්දේසි වලින් හයක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර තිබෙන බවත් අමාත්‍යවරුන් දෙදෙනා සඳහන් කරයි.

“දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබේ, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධ ය, ඒ දේවමාළිගාව ඔබ ය.” යනුවෙන් ශාන්ත පාවුළුතුමන් පවසා තිබෙන බව කියන අමාත්‍යවරු අර්බුදයක් නිර්මාණය කොට ඒ මතින් බලය ලබාගත් කිසිවකුට එකී බලය පවත්වාගෙන යා නොහැකි බව ස්වභාදහම විසින් පවා ඔප්පු කොට තිබෙන බව සඳහන් කරති.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබූ මෙම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය :



සබැඳි පුවත්

“චැනල් 4” හෙළිදරව්ව ගැන හොයන්න රජය පසුබට වෙන්නෑ – මනූෂ 

Trending

Exit mobile version