පුවත්

“හැටනව ලක්ෂය, ලක්ෂ තුනකට බැස්සුවේ නාමල් සහෝදරයා”

Published

on

ඔවුන් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා බව මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම පවසයි.

සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ විසින් කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ හෝටලයක පැවැති එම පක්ෂයේ කෑගල්ල අපේක්ෂකයන් හා ක්‍රියාකාරින් හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලේය.

‘‘ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් කිවවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.අපේ බලාපොරොත්තුව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරිමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයට අපි යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැටෙන්න හේතුවත් ශක්තිමත් විපක්ෂයක් නොමැතිවීමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ වැඩියෙන් මන්ත්‍රිවරු ඉන්න විපක්ෂය නොවේ. ඒක ගුණාත්මකභාවයෙන් ශක්තිමත් වෙන්න ඕනෑ.ඔබතුමලා දැක්ක පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතා මොකක්ද කළේ කියලා. එතුමාගේ තියෙන ශක්තිමත්භාවය දැක්කා. එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා විසඳුමක් නෑ. ආණ්ඩුව කරන හොඳ වැඩෙත් හොඳ නෑ කියනවා නරක වැඩෙත් හොඳ නෑ කියනවා. හැම එකටම කකුලෙන් අදිනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඒ කාලේ හොඳ වැඩකට සහාය දෙන්නේ නෑ. යුද්ධය දිනපු එකටවත් සහාය නෑ. දැන් ඉන්න රජය ජනතා විමුක්ති පෙරමුණ වුනත් කමක් නෑ හොඳ දෙයක් කරනව නම් පැහැදිලිව ඊට සහාය දෙන්න’’

Trending

Exit mobile version