පුවත්

හැටන් බස්රථ අනතුරේ රියදුරු යළි රිමාන්ඩ්

Published

on

තුන් දෙනෙකුට මරුකැදවමින් පත්ව 50 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් හැටන් ප්‍රදේශයේදී අනතුරට ලක්වු පෞද්ගලික බස් රථ රියදුරා ලබන වසරේ ජනවාරි මස 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පොලිසිය විසින් අධිකරණය කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකාර රියදුරා යලි රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පසුගිය 21 වනදා හැටන් සිට මහනුවර දක්වා ධාවනයවු පෞද්ගලික බස්රථය හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

Trending

Exit mobile version