කිසියම් ආකාරයක හාල් හිඟයක් ඇති වුවහොත් ක්ෂණිකවම විදේශයකින් ගෙන්වනවා මිස මිල වැඩිකිරීමට ඉඩදෙන්නේ නැති බව අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
කීරි සම්බා හිඟයක් ඇති බවට වන වාර්තා පිළිබඳ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය ලාල් කාන්ත මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.