පසුගිය රජයන්හි ඇමැති ධුර දෑරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් හය දෙනකු සම්බන්ධයෙන් ලැබුණු දූෂණ සහ වෙනත් අපරාධමය චෝදනාවලට අදාළ පරීක්ෂණ නිම වී ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙකී පරීක්ෂණවලට අදාළව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය අදාළ මෙහෙයුම් දියත් කර තිබිණ.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මේ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ද බදුල්ලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක නියෝජනය කළ හිටපු ඇමැතිවරුන් දෙදෙනකු ද වන බව පැවසේ.
මෙයින් ඇතැමකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.