පුවත්

හිටපු එජාප මන්ත්‍රී හා පුතා අත්අඩංගුවට

Published

on

නීතිවිරෝධී අන්දමින් එකලස් කරන ලද ජීප් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියකට අදාළව එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත අබේසේකර මහතා  හා ඔහුගේ පුත්‍රයා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (18 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් නීති විරෝධී අන්දමින් එකලස් කරන ලද ජීප් රථයක් පරිහරණය කරන බවට ලද තොරතුරකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තිවංක දසනායක ඇතුළු නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

මේ අනුව මෙම ජීප් රථය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට අයත් වූවක් බව අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අනුව මෙහි හිමිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාවත් එම ජීප් රථය පරිහරණය කළ මන්ත්‍රිවරයාගේ පුත්‍රයාවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඊයේ (18) ප්‍රකාශ සටහන් කරගත් අතර මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් අනතුරුවය.

මොවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Trending

Exit mobile version