පුවත්

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට

Published

on

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

Trending

Exit mobile version