වව්නියාවේ සේවය කරන ලද ප්‍රසව හා නාරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.එස්. මොහිදීන් මහතාගේ ඝාතනය සමබන්ධයෙන් හිටපු ප්ලොට් නායකයෙකු වූ නෙඩුමාරන් නැමත්තාට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා විසින් මරණ දණ්ඩණය නියම කරන ලදි.
2009 වසරේ අප්‍රේල් 20 වනදා වව්නියාවේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිටදී වෛද්‍යවරයාට වෙඩිතැබීම සිදුකෙරුණු අතර එහිදී වෙඩිතැබීම සිදුකලේ යැයි සැකපිට නෙඩුමාරන් නොහොත් සිවනාදන් ප්‍රේමනාත් නැමත්තා වව්නියාව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුනි.
අත්අඩංගුවට ගත් සැකකරු එවකට ප්ලොට් සංවිධානයේ වව්නියාව වේප්පම්කුලම් භාරව සිටි අයෙකු බවටද සඳහන් වෙයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු පසුව ඇපමත මුදාහැර නඩු වාර පැවති අතර 2015 වසරේ දෙසැම්බර් 31 වනදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් වව්නියාව මහාධිකරණයට අධිචෝදනාපත්‍රයක් ගොනුකිරීමත් සමග අදාල සැකකරු නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.
රජයේ අධිනීතීඥ දර්ෂිකා තිරුකුමරන් සහ ආරමුගම් තනූජන් යන අයගේ අධීක්ෂණයෙන් මෙම නඩු විභාගය පැවත්වුණු අතර එහිදී සැකකරුට එරෙහිව සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන ඇති අතර එම සාක්ෂි සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට ඔප්පුවීමෙන් අනතුරුව වසර 14 ක් පුරා පැවති මෙම නඩුව දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තියට අනුව සැකකරුට මරණීය දණ්ඩණය නියම කිරීමට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා නියෝග කරනු ලැබීය.
(අද)