පුවත්

හිටපු රජය අධිවේගයත් අවභාවිතා කරයි

Published

on

“එස් පාස් ” විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව රජයක් පත්වීමත් සමඟම නැවතීමට හැකිවූ බව වාර්තා වේ.

වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර, මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයිද වාර්තා වේ.

අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පි.එම්.සූරියබණ්ඩාර මහතා විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බවද වැඩිදුරටත් වාර්තා වේ.

Trending

Exit mobile version