පුවත්

හිරුණිකාට මාරුවක්

Published

on

තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනාවකට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාන්තා සිරමැදිරියේ වැඩ අංශයට යොමුකර තිබේ.

කෙසේ වෙතත් වැඩ අංශයේ ඇයට පැවරී ඇති රාජකාරිය කුමක්දැයි අනාවරණය වී නොමැත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටී.

Trending

Exit mobile version