අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ .
ඒ, එම අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ දුම්රිය නියාමකවරයෙක්ට අයත් යතුරුපැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම් අයෙක් විසින් සොරකම් කිරීමට විරෝධය දක්වමිනි.
දුම්රිය ස්ථනයේ රථගාල තුළ නිසි ආරක්ෂාවක් නොමැති බව්ට ඔවුන් චෝදනා කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් අනුරාධපුරයේ සිට කිලිනොච්චිය දක්වා ධාවනය වන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බවය.