කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයාමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය දැරිය සිය මිත්තණිය සමග නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබුණි.
මියගිය දැරිය වයස අවුරුදු 09ක් වූ මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.