ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ පළමු පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මෙයයි.
2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන( ශිතකල පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මෙම තොගය ගෙන්වනු ලැබූ බව අමාත්‍යාංශය පවසයි.
මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිතය.
මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ.
එමෙන්ම මෙම තොගය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.
තොගය විවෘත කිරිම හෙට (31) උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරිමට නියමිතයි.