පුවත්

හෙටින් ඇරඹෙන “ජාතික පරිසර සතිය”

Published

on

පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ , ජුනි 05ට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙනි.

ජගත් පරිසර දිනය වෙනුවෙන් “ජාතික පරිසර සතිය” හෙට (මැයි30)  සිට ජුනි 05වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කරයි.

2025 ලෝක පරිසර දිනය (Ending Plastic Pollution) “ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු” යන ගෝලීය තේමාව යටතේ සැමරීම සදහා කටයුතු සකස්වෙමින් පවතී.

වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩ සටහනක් වන Clean Sri Lanka වැඩසටහනේ පරිසර කුළුණ යටතේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීම ප්‍රධාන අපේක්ෂාව පදනම් කර ගනිමින් ලෝක පරිසර දින තේමාව හා එක් වෙමින් ජනතාව විවිධ ක්‍රියාකාරකම් සඳහා බද්ධ කරගැනීම මේ අනුව සිදුකෙරේ.

මේ අනුව, 

  • මැයි 30වැනිදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත්, 
  • මැයි 31 වැනිදා වායු දුෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, 
  • ජුනි 01වැනිදා පරිසර පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, 
  • ජුනි 02 වැනිදා ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය ලෙසත්, 
  • ජුනි 03වැනිදා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත්, 
  • ජුනි 04වැනිදා වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙසත්, 
  • ජුනි 05 රුක්රෝපණය හා ජගත් පරිසර දින ජාතික සැමරුම ලෙසත් වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙයට සමගාමීව ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍රය, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධාන කරමින් පවතී.

ජගත් පරිසර දිනය යෙදෙන ජුනි 05 ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන අධිකාරියේ සහභාගීත්වයෙන් ජාතික සැමරුම් උළෙල කෑගල්ල දිස්ත්‍රික්කයේ නිදහස් මාවත පරිශ්‍රය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිතය.

සබැඳි පුවත්

Trending

Exit mobile version