Connect with us

පුවත්

හෙට මැයි දිනයට පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්

Published

on

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි  පැවැත්වෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි.

හෙට (01) දවසට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.

මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදීව්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසුවේ, පවතින කාලගුණ තත්ත්වය මත මෙවර මැයි දින පෙළපාලියක් නොපවත්වන බවයි.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය  කොටුව චැතැම් වීදියේදී පැවැත්වීමට නියමිත අතර පක්ෂයේ  ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ, කොළඹ ගුණසිංහපුර ක්‍රිඩාංගණයේ පෙළපාලියකින් චැතැම් වීදිය දක්වා පැමිණෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැයි රැළිය මෙවර සංවිධානය කර ඇත්තේ බොරැල්ල කැම්බල් පිටියේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර රට හදන විසඳුමට, ජන බලය එක පෙළට තේමා කර ගනිමින් ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වේ.

කොළඹ මැයි පෙළපාලිය සවස 2.00ට බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර රැළිය සවස 3.30ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.

යාපනයේ මැයි රැළිය උදේ 10ට තන්දෙයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 2.00ට රාහුල හන්දියෙන් ආරම්භ වී සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.

අනුරාධපුර මැයි පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර මැයි රැළිය සවස 3.30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජනබලවේගය සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යොදවන බවයි.

එමෙන්ම තවත් 4000ක පොලිස් නිලධාරීන් පිරිසක් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාවට යොදවනු ඇති.

වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා , අවශ්‍ය වුවහොත් හමුදාවේ සහාය ලබා ගන්නා බව ද පැවසීය. 

අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය දන්වා සිටී.එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතුය.මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved