Connect with us

පුවත්

හොරණ නිවසක ඝාතනයක්

Published

on

තියුණු ආයුධයකින් ගෙල කපා නිදා සිටි ඇඳ මතදී ම කාන්තාවක් ඝාතනය කර ඇති බව හොරණ පොලීසිය පවසයි.

අද (11) අලුයම හොරණ, මීවනපලාන ප්‍රදේශයේ සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ එම ඝාතනය සිදුකර තිබිණි.

එලෙස ඝාතනය කර ඇත්තේ, බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටි 57 හැවිරිදි කාන්තාවකි.

මියගිය තැනැත්තිය නැගණියත් සමඟ නිවසේ වාසය කර ඇත. නැගණිය මීට සති තුනකට ඉහතදී මියගිය කාන්තාවගේ නිවසේ නතර වීමට පැමිණි ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 7.30 පමණ කාන්තාවන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති අතර පසුව අලුයම 1.45ට පමණ කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් නිවසට පැමිණ තිබේ.

ඔවුන්  මියගිය තැනැත්තියගේ නැගණියගේ දෙඅත් ගැට ගසා කටට රෙදි ඔබා කාමරයේ දමා මියගිය කාන්තාව නිදා සිටි කාමරයට ගොස් තිබේ. සුළු වේලාවකින් මරණකාරිය කෑ ගසන හඬක් ඇසී ඇත.

පසුව මියගිය කාන්තාවගේ නැගණිය ගැට ගසා සිටි දෙඅත් හා කටට ඔබා තිබූ රෙදි කැබැල්ල සමග ම අසල්වැසි නිවසකට ගොස් මේ බව පවසා තිබුණාය.

පසුව එම අසල්වැසියන් විසින් පොලීසියට කළ දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් මියගිය කාන්තාව සතු ස්වර්ණාභරණ හා මුදල් ගෙන ගොස් නොමැති අතර, ඇයගේ කාමරයේ තිබූ අල්මාරිය කඩා රෙදි අවුස්සා දමා ඇතැයි පොලීසිය පවසයි.

ඝාතකයින් නිවසට ඇතුළු වු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම ඝාතනය කුමක් අරභයා සිදුකළේ ද යන්න සොයා පොලීසිය විමර්ශන සිදුකරයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved