පුවත්

හොර පාරෙන් ගෙන්වූ මෝටර් රථයක් රාජසන්තක කරයි

Published

on

අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී වර්ගයේ මොන්ටේරෝ ජීප් රථයක් මෙලෙස රාජසන්තක කර ඇත.

Trending

Exit mobile version