යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී ඊයේ (21) රාත්‍රියේදී තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති මරණකරු, භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබෙන බව පොලීසිය පවසයි.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මීට දින කිහිපයකට පෙර මොරටුව ප්‍රදේශයේ හෝටලයකදී ද මෙවැනි සිදුවීමක් වාර්තා විය.