අරගලකරුවන් විසින් මැයි 09 වැනිදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඇතුළුව මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට ගිනි තබා අලාභහානි කිරීමේදී රාජ්‍ය දේපොළවලට සිදු වූ හානිය සම්බන්ධව පොදු දේපොළ පනත යටතේ නඩු පැවරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
මේ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම දේපොළ හානිවලදී රාජ්‍ය දේපොළවලට කර ඇති හානිය වෙන වෙනම තක්සේරුකර ඒවාට මුල් වූ සැකකරුවන්ට නඩු පැවරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකසා ඇතැයි ද පැවසේ.
මැයි 09 දා රාත්‍රියේ අරගලයට මුවා වී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් මැති ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයන් 74 දෙනකුට අයත් නිවාස, කාර්යාල ඇතුළු දේපොළ 77 කට ගිනි තබා විනාශ කර තිබිණි.
මෙම කලහකාරී සිදුවීම් අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු නව දෙනකුට ජීවිත අහිමි විය.
මෙහිදී මහජන නියෝජිතයන්ගේ නිවාස හා කාර්යාල තුළ තිබූ රජයේ වාහන, අමාත්‍යාංශවලින් නිකුත් කළ ලැප්ටොප්, පරිගණක ඇතුළු සියලු උපකරණවලට සිදු වූ හානි ගණනය කර ඒවාට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන්ට පොදු දේපොළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.