පුවත්

12ක් රෝහලට යැවූ අනතුර

Published

on

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම  ආසන්නයේදි  මාර්ගය අයිනේ නවතා තිබු කන්ටෙනර් රථයක පිටුපස ගැටිමෙන් අද(08) උදැසන සිදුවු අනතුරෙන් වැන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම වැන් රථයේ ගමන් කල පිරිස කටුනායක ගුවන්තොටුපලට ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර  මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසයි.

අනතුරෙන් තුවාල ලැබු තුවාල කරුවන් 1990 ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ⁣කඩිනමින් රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබේ

රියදුරුට නින්ද යැමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරනු ලබන අතර අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

Trending

Exit mobile version