Connect with us

පුවත්

13 ගේන්න එපැයි මහනායක හිමිවරු ඉල්ලයි

Published

on

රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) බාර දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

එම ලිපිය මෙසේය :

පුවත්

STF ලොක්කා ළඟ තිබුණේ ක්ලබ් වසන්ත ඝාතන අවිය?

Published

on

By

පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබූ  ටි 56 ගිනි අවියක් සොයාගෙන තිබේ.

මේ ගිනිඅවිය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය සඳහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ටැටු කලාගාරය තුළ අපරාධයත් සමග විසිරී තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩි දුරටත් සොයා බැලීමට නියමිතය.

මෙම ගිනි අවිය යොදාගෙන ගම්පහ ඔස්මන්ඩ් නැමැත්තාද ඝාතනය කිරීමේ සැලැසුමක් ද මේවන විට හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේ මුල්ල සංජීව යන අයගේ ගෝලයකු වන ගම්පහ පැටි මංජු ගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

ඉකුත් ජුලි මස 8 වැනිදා සිදු කළ එම වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු බරපතල තුවාල ලැබීය.

Continue Reading

පුවත්

ආගමික ස්ථානවලට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කර නැහැ – ආරක්ෂක අමාත්‍යංශය

Published

on

By

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව පැවසීය.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

හොංකොං සික්සස් ශූරතාව ලංකාවට

Published

on

By

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.

මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved