Connect with us

පුවත්

13 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ලබන සතියේ

Published

on

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ රජයේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එහිදි පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිත බවද වාර්තා වේ.

13 වැනි සංශොධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට නියමිත බව පැවසේ.

ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුම්වත් කරන සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) පැවැත්වුණු අතර, එහිදී පක්ෂ නායකයන්ගේ අදහස් ඉදිරිපත් කෙරිණි.

බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේදී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර, එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු වේ.

උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළව හොඳම යෝජනාවලිය තමා ඉදිරිපත් කරන බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවධාරණය කර තිබිණි.

කිසිදු අයුරකින් උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නැති බවත් උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි දිනමිණ වාර්තා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සඳහන් පොලිස් බලතල ලබා දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ එකඟත්වය අවශ්‍ය බව ජනාධිපතිවරයා අදහස් කරන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ද අවශ්‍ය බව පැවස‌ේ.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා උතුරු හා නැඟෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පසුගියදා (18) පැවති සාකච්ඡාවේදී සඳහන් කර තිබිණි.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved