Connect with us

පුවත්

සහස්යා හා යන්ත්‍රෝපකරණ ආයතනය ගැන විශ‌ේෂ ගැසට් එකක් 

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවය.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවතියේය.

එසේම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේය.

අදාළ ගැසට් නිවේදනය

පුවත්

වැස්සත් සමග පාචනය වැඩිවෙයි

Published

on

By

වැස්සත් සමග පාචනය රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.

වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානමක් පවතින හෙයින් වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලීමක් සිදුකරයි.

පසුගිය වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 47ක් යොදවන බව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීකෂක සමන්ත කුමාර මහතා පවසයි.

බව ඔහු සඳහන් කලේ මේ වන විට දන්සැල් 200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවය.

ඒ අනුව වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරයි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

Published

on

By

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමිනි.

එහිදි අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකර ඇති නිලධාරින් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බන්ධනාගාර නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර අද සේවයට වාර්තාකර නොමැති බව වාර්තා විය.

ඒ වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

බන්ධනාගාර නිලධාරින්ගේ සියලු නිවාඩු අවලංගුකර ඇති බැවින් සියලුදෙනා වහාම සේවයට වාර්තා කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා විසින් අද නිවේදනය කරන ලදී.

වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බන්ධනාගාර නියාමක සහ සැරයන්වරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස ලෙඩ නිවාඩු දමා ඇති බව වාර්තාවිය.

ඒ අනුව වැලිකඩ, ගාල්ල සහ මාතර යන බන්ධනාගාරවල බන්ධනාගාර නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රවිශ්ඨ වී තිබේ.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක මෙම  වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රැදවියන් බැලීමට අවස්ථාව ලබාදීම මෙන්ම රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණයට රැගෙන යාමටද බාධා එල්ල වී ඇත.

සබැඳි පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading

පුවත්

“විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක්”

Published

on

By

විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී.

ඒ මහතා මේ බව පවසන ලද්දේ ඊයේ (19) දින පැවැත්වුන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කල “විශ්‍රාමික ජාතික සමුළුව ”  අමතමිනි.

ඉදිරි මැතිවරණය ගැනද අනුර දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වූයේය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැසිල් රාජපක්ෂට වුවමනාව තිබෙනවා. එක්කෝ එයා රනිල්ට සහාය දෙන්න ඕනෑ. ජනතාවගේ සහායෙන් රනිල් ජනාධිපති වුණොත්, පොහොට්ටුවේ ගමන එතනින් අවසන්. රනිල්ට සහාය නොදී වෙන අපේක්ෂකයෙක් දැම්මොත්, පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණයත් නැතිවෙනවා. දාන්න කෙනෙකුත් නැහැ. ….

ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්….

 ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි…”

අනුර  දිසානායක මහතා විසින් සිදුකරනු ලැබූ සම්පූර්ණ කතාව

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved