කොළඹ ප්රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පැවැත්වූ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
අදාළ දැරිය අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවද මේවන විට හෙළිව තිබේ.
දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගොස් ඇති අතර ඔහුට වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනෙකු සිටින බවද පැවසේ.
මේ දැරිය කොළඹට ආසන්න ප්රදේශයක පදිංචිව සිටින්නියකි.