Connect with us

පුවත්

14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කරලා; පොලිස් නිලධාරිනියකගේ පියකුටත් චෝදනා

Published

on

ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක කලක සිට වරින් වර රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කරණවෑමියකු සහ තවත් සැකකරුවකු මේ මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ අනුරාධපුර යාපන හන්දියේ පදිංචි කරණවෑමියකු සහ අනුරාධපුර මිහින්තලේ පාරේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ. සී. දයානන්ද පැවසුවේ 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක පුද්ගලයන් පිරිසක් වරින් වර දූෂණය කරන බවට ලද තොරතුරකට අනුව වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන ඇයගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

පළමු සැකකරුට අයත් වෙළෙදසලක් තුළදී සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. 

දැරිය දූෂණය කර ඇති තවත් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් අරඹා ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. 

දැරිය පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ සැකකරුවන් අතර එක්තරා පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යංශයේ සේවය කරන උප පොලිස් පරික්ෂකවරියකගේ 70 හැවිරිදි පියකු ද සිටින බවයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved