Connect with us

පුවත්

15 හැවිරිදි සිසුන් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්නද? වැටුණද?

Published

on

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලේ 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කුරුදුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවකු සහ සිසුවියක බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

මියගිය සිසුවා සහ සිසුවිය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල අය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මේ සිසුන් දෙදෙනා බිමට පැන සිය දිවි නසාගෙන ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

පුවත්

NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක (වීඩියෝ)

Published

on

By

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම නගර සභාව වෙනුවෙන් පළාත් පාලන ජන්දය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන්ට සහාය දැක්වීමට සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. 

“සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, 

එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය

Continue Reading

පුවත්

රත්නපුර රෝහලේ සේවකයින් 166කට ඩෙංගු

Published

on

By

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුල මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,600කට අධිකය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලිනි.

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද (26) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇත

අද (26) අලුයම සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි උදාර චතුරංග නමැති තරුණයෙක් බව පොලීසිය පවසයි.

අදාළ තරුණයා අලුයම 5.35ට පමණ තම නිවෙස තුළදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී- 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා මුදල් පොලියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු බවද පැවසේ.

ඔහු සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.

තුවාල ලැබු තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මේ වනවිට රැගෙන ගොස් ඇත.

වෙඩි තැබීමට භාවිතා කළ හිස් පතරොම් කොපු දෙකක් එම නිවසෙහි කාමරය තුළ වැටී තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසේන මහතාගේ උපදෙස් මත කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ලාල් චන්දචන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාරසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ මහතා ඇතුලු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved