කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලේ 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කුරුදුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවකු සහ සිසුවියක බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
මියගිය සිසුවා සහ සිසුවිය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල අය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර, මේ සිසුන් දෙදෙනා බිමට පැන සිය දිවි නසාගෙන ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.