පුවත්

20 වැනිදා බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වැසේ

Published

on

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මේ මස 20 වැනි දින වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එදිනට වාහන ආදායම් බලපත්‍ර ලබා ගත යුතු වාහන සඳහා ජනාධිපතිවරෙණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Trending

Exit mobile version