ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක ණය පහසුකමකින් වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර මහතා පවසා ඇත්තේ මේ යටතේ යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, රජයේ ගොඩනැගිලි, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල වහල මත සූර්ය විදුලි පද්ධති සවි කරන බවයි.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ගේ මෙන්ම ලංවිම ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වූ බවද අමාත්‍යවරා සඳහන් කරයි.