Connect with us

පුවත්

චීනයෙන් රිජ්වේ ආර්යා රෝහලට ඖෂධ පරිත්‍යාගයක් (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොංග් මහතා විසින් රුපියල් මිලියන 2 ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක් ඊයේ (14) රිජ්වේ ආර්යා ළමා රෝහලට (LRH) භාර දෙන ලදී.

චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ මහල් 9 කින් යුත් එම රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ තානාපතිවරයා, චීනය විසින් පරිත්‍යාග කරන MRI ස්කෑනර් යන්ත්‍රයද පරීක්ෂා කර තිබේ.

මීට අමතරව තවත් රුපියල් මිලියන 3.2 ක ඖෂධ ප්‍රමාණයක් උතුර සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල් වෙත පරිත්‍යාග කිරීමටද චීන තානාපතිවරයා කටයුතු කර තිබේ.

යුවාන් 100,000 ක මුළු වටිනාකමකින් යුත් මෙම පරිත්‍යාගයන් ශ්‍රී ලංකා – චීන සංගමය සමඟ එක්ව සාමය සහ සංවර්ධනය සඳහා වන චීන මිත්‍රත්ව පදනම විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජිනිත් ද සිල්වා මහතා සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ – වෛද්‍ය ජී. විජේසූරිය මහතා මෙම අවස්ථාවට එක්ව තිබුණි.

මෙම අවස්ථාව අමතමින් චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ, “මීට වසර 65කට පෙර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දින පටන්, චීනය හා ශ්‍රී ලංකාව මෙන්ම එහි ජනතාවද සෑම විටම එකිනෙකා සමග අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

ඉහත පරිත්‍යාගය සම්බන්ධයෙන් තමා ඉතා ගෞරවයටත් හා සතුටට පත්වෙන බවත් ඔහු මෙහිදී පැවසීය.

දිවයින පුරා රෝහල් සහ රෝගීන් වෙත ලබාදීම සඳහා ඉදිරි මාසවලදී රු. බිලියන 5 ක මුළු වටිනාකමකින් යුත් තවත් වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට භාර දීමට කටයුතු කරන බවද තානාපතිවරයා සඳහන් කළේය.

එපමණක් නොව, චීනයෙන් මෙතෙක් ලබාදෙන විශාලතම චීන ආධාර ව්‍යාපෘතිය වන, දිනකට රෝගීන් 6,000කට ප්‍රතිකාර කළ හැකියාවක් ලබාදෙන, කොළඹ ජාතික රෝහලේ නව රෝහල් බාහිර රෝගී මධ්‍යස්ථානයද නුදුරේදීම විවෘත වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved