Connect with us

පුවත්

රුසියාවෙන් දීර්ඝ කාලීන ණයක් ගන්න සාකච්ඡාවක්

Published

on

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් පෙරේදා (17) දින පැවැත්වූ බව මොස්කව්හි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ රුසියාවේ සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකාව න තානාපති – මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය විසින් මෙවැනි අසීරු අවස්ථාවේදී ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එවැනි ණය මාර්ගයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කළ බවයි.

මෙම සාකච්ඡාවට රුසියානු රජය වෙනුවෙන් එරට නියෝජ්‍ය මුදල් ඇමති – Maksimov Timur මහතාද, ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති – Levan Jagaryan මහතා හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.

ඉදිරි මාස කිහිපය තුළ තරඟකාරී මිලකට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ඉන්ධන සැපයීම සඳහා මෙම ණය පහසුකම් පහසුකම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

පුවත්

ජනපතිගේ අවසන් ජන රැලිය – කොස්ගස් හංදියේ (සජීව)

Published

on

By

ජනපතිවරණ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේවන විට කොළඹ කොස්ගස් හංදියේදී පැවැත් වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.

Continue Reading

පුවත්

සමගි ජනබල වේගයේ අවසන් ජන රැළිය – කොළඹ (සජීවී)

Published

on

By

සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන අවසන් ජන රැළිය පංචිකාවත්ත පාර ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී මේවන විට පැවැත්වෙමින් තිබේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලිය – කැස්බෑවේදී (සජීවී)

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට කැස්බෑවේදී පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved