Connect with us

පුවත්

බැසිල් ඉලක්ක කර ගෙනෙන 22ට අපේ සහාය නැහැ – සාගර කාරියවසම්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 22 වන සංශෝධනයට විරුද්ධ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ය.

ඊයේ (ඔක්. 18) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමෙන් විදේශවල සිටින බුද්ධිමතුන්ගේ සේවය මෙරටට ලබා ගැනීමට නොහැකි වන බැවින් ඊට විරුද්ධ වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වාදී තිබේ.

පුද්ගලයන් හෝ වෙනත් අරමුණක් මූලික නොකර රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් රටට අත්‍යවශ්‍ය ව්‍යවස්ථාවක් රැගෙන එනවා නම් එය මාස 6ක් ඇතුළත සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බව ද සාගර කාරියවසම් මහතා කීවේ ය.

එමෙන්ම එක් පුද්ගලයෙකු, ආගමික කණ්ඩායමක් හෝ වෙනත් පටු අරමුණක් මූලික කරගනිමින් රටට ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දැනුම් දුන් බව පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ බවත් එහිදී අදාළ කාරණාව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved