Connect with us

පුවත්

“2023 අග වෙද්දී උද්ධමනය 4–5% ට අඩුවෙන් පවත්වාගෙන යන්න හැකි වේවි”

Published

on

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ  ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය.  

මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සදහා  අදාළ පොලිය පමණක් ගෙවීමට හැකිබවයි. ඒපිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය. ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග  මෙම අගය ලබන වසර අගවන විට   4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සදහා  නව  පනතක් මේ වන කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදුකරන බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය..

එසේම බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී සිදුවන අපහසුතා පිළිබදවද කාරක සභාවේදී අවධානය යොමුවිය. මේපිළිබදව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටි අතර එසේ ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය උපදෙස් බැංකුවලට ලබා දෙන ලෙස අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව ආයතන 126 කින් 22 ක් අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද ඇතැම් වාර්ෂික වාර්තා ලබා දීම වසර 7 ක් පමණ ප්‍රමාද කර ඇති ආයතන පවතින බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බැවින්ද නියමිත කාලය තුළ වාර්ෂික වාර්තා භාරදීම පිළිබද ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්  වන ජගත් කුමාර සුමිත්‍රාරච්චි, සහන් ප්‍රදීප් විතාන යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද  මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයීය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved