Connect with us

පුවත්

2023 අයවැය හිඟය 7.9%ක්

Published

on

අයවැය හිඟය රුපියල් බිලියන 2,404ක් ලෙස දැක්වෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.9කි.

2023 අයවැය මගින් රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 3,415ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 5,819කි.

2021 වසරේ අයවැය හිඟය දැක්වුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.6ක් ලෙසය.

පුවත්

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරයි

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මේ වන විට කෑගල්ල, ගාල්ල, කලුතර, රත්නපුර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇතිබව අමාත්‍යංශය කියයි.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින්  එලෙස විදුලි විසන්දි කිරීම සිදු කර තිබේ.

Continue Reading

පුවත්

කඩුවෙල අධිවේගය තාවකාලිකව වසයි; කොළඹ – නුවර පාරටත් මාර ගහක් කඩා වැටෙයි

Published

on

By

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන්  කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි .

ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ  කඩවත  දෙසට  වාහන ඇතුළුවිය නොහැකි බව  එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි .

මේ අතර, කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නැව්ගල ප්‍රදේශයේදී විශාල මාර ගසක් මාර්ගය හරහා කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු  මුළුමනින්ම අවහිර වී ඇති බවද වාර්තා වේ.

මෙම අනතුරින් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර එහි ගමන් ගන්නා රියැදුරන්ට විකල්ප  මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

හෙට දිනයේ සියලුම පාසල් වසා දමයි

Published

on

By

හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved