පුවත්

2024 වර්ෂයට ළමුන් ඇතුළත් කර ගැනීම අවසන්

Published

on

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පසුගිය මස 26 වැනිදා ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශය මගින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම් අත්හිටුවා ඇති බව එම නිවේදනයේ දැක්වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි හඳුන්වා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් පවතින බවට අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version