පුවත්

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දෙයි

Published

on

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වැනිදා ආරම්භවීම හේතුවෙන් එලෙස නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි වන බවය.

පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210 ක් පාසල් පැවැත්විය යුතුය.

කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් හා අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකිවන්නේ දින 181 ක් පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ (2025) මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවය.

රජය මගින් ප්‍රකාශිත ප්‍රසිද්ධ නිවාඩු දින, ඉරිදා හා වාර නිවාඩු කාලයන්හි සියලුම පාසල් වසා තැබෙන බවත් සුවිශේෂී හේතුවක් මත පාසල් පැවැත්විය යුතු දිනයක පාසල වැසීමට සිදුවුවහොත් එම දින සඳහා හිලව් සැසි පැවැත්වෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Trending

Exit mobile version