Connect with us

පුවත්

2024 අප්‍රේල් වෙනකල් ගෑස් හිඟයක් ඇතිවෙන්නෑ – ලිට්‍රෝ සභාපති

Published

on

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ගෑස් පෝලිමක් තියා නැවත ගෑස් හිඟයක් ඇති නොවන බවත් 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද දක්වා ගෑස් පිළිබඳව නැවත ගැටලුවක් ඇති නොවන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ “අපි ලබන වසරේ ජනවාරි මැද දක්වා ගෑස් ඇණවුම් කරලා ඉවරයි. එම ඇනවුම් තහවුරු කරලා තියෙන්නේ. 2024 වසරේ සිංහල අවුරුද්ද වෙනකම් ගෑස් හිඟයක් එන්නේ නෑ.”

“ගෑස් පෝලිමක් තියා ආයේ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ කියලා විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මිල අඩුවෙයි කියන බලාපොරොත්තුව අනුව ඇතැම් අපේ සමහර අලෙවි නියෝජිතයන් මැලිකමක් දක්වනවා මුලු ස්ටොක් එකම මිලදි ගන්න… එහෙම ගැටලුවක් විනා අපි හිඟයකින් තොරව ගෑස් ගෙනියනවා. ඇතැම් වෙලාවට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එන්න තිබුණ නැවක් එන්න ප්‍රමද වෙනවා. සඳුදා හවස වෙනස් කොට අපේ අලෙවි නියෝජතයන් ළග ගෑස් සිලින්ඩර් පිරිලා තියේවි…එන්න තිබුණ නැව ඉරිදා පාන්දර එනවා. ඉන් අනතුරුව තවත් ගෑස් නෞකා දෙකක් ඉරිදා හා සඳුදා දින දෙක තුළ පැමිණීමට නියමිතයි. නොවැම්බර් මාසයේ අපි මෙට්‍රික් ටොන් 28000ක් ඇණවුම් කර තිබෙනවා,” යැයිද ඔහු පැවසීය.

ලිට්‍රෝ සමාගම නව පාරිභෝගිකයන් වෙනුවෙන් නව ගෑස් සිලින්ඩර් ලබාදීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වන විට කහපාට ගෑස් සිලින්ඩර නිල්පාට ගෑස් සිලින්ඩර් බවට පත්කිරීම මේ වන විට සිදුවන බවත්, එවැනි කටයුතු වලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved