2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ලබාදීමට චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළකර තිබේ.
ඒ සඳහා අවශ්‍ය සමස්ථ රෙදි ප්‍රමාණය මීටර මිලියන 11.82කි.
එම සම්පූර්ණ ප්‍රමාණයම, ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළකර තිබේ.
මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇති බව සඳහන්ය.
ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂන අමාතය වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය වෙතින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.