පුවත්

2025 අතුරු සම්මත ගිනුමක් ගේන්න දැම්ම පිඹුරුපත් හදයි

Published

on

2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව එම අතුරු සම්මත ගිණුම 2025 වසරේ මාර්තු මස අවසන් වනතෙක් ක්‍රියාත්මකවීමට නියමිත බව වාර්තා වෙයි.

මැතිවරණ කැලැන්ඩරයට අනුව මෙම වසර මැතිවරණ වසරක්වන අතර වසර අවසානයේදී ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව එම මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීමට අවස්ථාව ලබාදෙමින් මේ වසර අවසානයේදී 2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version