21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා තිබේ.
ඒ අනුව විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක වේ.
එම සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වූ අතර පාර්ලිමේන්තුවේ දී විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස විවාදයට ගැනුණද එය ව්‍යවස්ථාවට එක්වන්නේ විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.