Connect with us

පුවත්

ඇමති පියල් අල්ලස් ඉල්ලා කරණ තර්ජන ඉවසන්න බෑ කියා සභාපති අස්වෙයි

Published

on

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවද එම ලපියේ සඳහන් කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද දුලාන් හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.

ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා සඳහන් කළේ සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවය.

කිසිදු පුද්ගලයකුගේ සිත රිදවීමේ අදහසක් තමාට නොමැති හෙයින් සී නෝර් පදනම ගැන හෝ සභාපතිවරයා ගැන හෝ තමා වැඩි තොරතුරු සඳහන් නොකරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

(ලංකාදීප)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved