හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිව් දෙනකු රජයේ බංගලා තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත, හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් යන අයගේ බංගලාවන් මෙලෙස තවමත් භාරදී නැත.
මොහාන් පී ද සිල්වා මහතා සතුව තිබූ බංගලාව අද (5) භාරදෙන බව ඔහු දැනුම් දී ඇති බවද වාර්තා වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාට රජය දුන් බංගලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් පදිංචිව සිටින අතර, ඔවුන්ට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් ඉන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බවද වාර්තා වේ.