ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන පිරවුම්හල්වලට සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය කර ඇත.
එයට අනුගත නොවෙමින් කටයුතු කරන සියලුම පිරවුම්හල් ඛනිජ තෙල් සංස්ථාව පාලනයට ගන්නා බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කියා සිටී.
මේ බව දන්වමින් පිරවුම්හල් 770කට මේ වන විට ලිපි යොමු කර ඇති බව ඔහු කියා සිටී.
එම පිරවුම්හල් තවදුරටත් සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන නොයන්නේ නම් ඒවා ඛනිජ තෙල් සංස්ථාව භාරයට ගන්නා බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
ඒ අනුව එම නීතීන්වලට අනුගත නොවූ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාලනයට ගෙන ඇත.
එමෙන්ම යාපනයේ කරෙයිනගර්හි පිහිටි ඉන්ධන පිරවුම්හලක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාරයට ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.