පුවත්

උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් (UPDATE)

Published

on

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තවදුරටත් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


(පෙර පුවත 2025 ජූනි 11 ප.ව.12.29 )

උපුල්දෙණිය යළි අධිකරණයට රැගෙන එයි

වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

Trending

Exit mobile version