හත්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හා හොංචියාඕ (Hong-chiao) ජාත්‍යන්තර ආර්ථික සංසදය අද (05) ෂැංහායි නුවරදී ආරම්භ විය.
මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකර තිබුණේ චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා විසිනි.
නොවැම්බර් 10දා දක්වා පැවැත්වෙන CIIE ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 129 කින් ප්‍රදර්ශකයින් 3,496ක් එක්වේ.
නව නිෂ්පාදන, නව තාක්ෂණයන් හා නව සේවා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතය.