පුවත්

76ට ආණ්ඩුවේ තැන්වල සතියක් කොඩිය උස්සලා; දවස් 2ක් ලයිට්දාන්න නියෝග

Published

on

ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිද­හස් දින සමරු උලෙළ විශේෂ අව­ස්ථා­වක් සේ සලකා රාජ්‍ය ආය­තන, ගොඩ­නැ­ඟිලි විදුලි ආලෝ­ක­යෙන් අලං­ක­ර­ණය කිරී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව එළ­ඹෙන පෙබ­ර­වාරි මස 3 හා 4 දින­යන්හි රාජ්‍ය ආය­තන ගොඩ­නැ­ඟිලි විදු­ලි­යෙන් අලං­ක­ර­ණය කරන ලෙස චක්‍ර­ලේ­ඛ­යක් මඟින් රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ට උප­දෙස් දී ඇති බව ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

වත්මන් තත්ත්වය සැල­කි­ල්ලට ගෙන සුදුසු අයු­රින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බ­න්ධ­යෙන් තමන් යටතේ ඇති සියලු ආය­තන දැනු­වත් කරන ලෙසත් රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ට චක්‍ර­ලේ­ඛය මඟින් දැනුම් දී ඇත.

නිද­හස් දින සමරු උලෙළ පෙබ­ර­වාරි 1 සිට 7 දා දක්වා පුරා සති­යක් සියලු රජයේ ආය­තන ගොඩ­නැ­ඟි­ලි­වල ජාතික කොඩිය ඔස­වන ලෙසද ඒ චක්‍ර­ලේ­ඛය මඟින් උප­දෙස් දී තිබේ.

(සිළුමිණ)

Trending

Exit mobile version