Connect with us

පුවත්

🔴 LIVE – 76 වැනි නිදහස් දිනය අදයි

Published

on

76 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

මෙවර 76 වැනි නිදහස් දින උළෙල, ගාලු මුවදොර පිටියේදී ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇත.

ඒ, ‘හදමු අලුත් රටක්’ යන තේමාවෙනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ, තායිලන්ත අග්‍රාමාත්‍යවරයායි.

මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උලෙල පැවැත්වෙනු ඇත.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීමට නියමිත බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

මීට අමතරව සැමරුම් පෙළපාලිය සඳහා ගුවන් යානා 19ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් එක්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

මේ අතර නිදහස් දින සැමරුම වෙනුවෙන් අද දිනයේ දී විශේෂ රථවාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

76 වැනි නිදහස් දින රාජ්‍ය උත්සවය හේතුවෙන් අද අලුයම 05.00 සිට පෙරවරු 9.00 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ අතර, ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමුකරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මෙම ගමන් මඟේ ඉදිරියට ගොස් යළි සෞභාග්‍ය උදා කර ගැනීමට නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් අප දුෂ්කර කඩඉම් පසුකරමින් සිටින බව සඳහන් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ, නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන බවයි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved